වෛද්‍යවරු දෙදෙනෙක් වාට්ටුව මැද ගුටි කෙලියක

යාපනය චාවාකච්චේරී රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු රෝගීන් හා සෙසු කාර්ය මණ්ඩල ඉදිරියේදී පරුෂ වචන කියා ගනිමින් ඊයේ(3) රාත්‍රී එකිනෙකාට පහර දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උතුරු පළාත්අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ඔවුන් දෙදෙනාගේ රාජකාරී ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් අවසානයේදී එක් වාට්ටුවක් මැද මේ දෙදෙනා එකිනෙකාට පහර දී ගෙන තිබේ.

මේ අවස්ථාවේදී සුළු සේවකයින් කීපදෙනෙකු හා රෝගීන් කීප දෙනෙකු වෛද්‍යවරු දෙදෙනාගේ ගුටි බැට හුවමාරුව යථා තත්ත්වයට පත් කොට ඇත.මේ සම්බන්ධයෙන් යාපනයේ චාවාකච්චරී පොලීසියටද පැමිණිලි කොට තිබේ.

Leave A Reply

Your email address will not be published.