පස් හැවිරිදි දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටී මිය යයි
යාපනයේ වඩුක්කෝඩෙයි අරාලි නැගෙනහිර ප්‍රදේශයේ නිවසක පස් හැවිරිදි දරුවකු සෙල්ලම් කරමින් සිටියදී අනාරක්ෂිත ළිදකට වැටී අද (4) සවස මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කුගදීසන් නිරූජන් නැමති වයස අවුරුදු පහක දරුවෙකි.
ඔහු මිදුලේ සෙල්ලම් කරමි සිටියදි හදිසියේම ඔහු පෙණෙන්නට නොසිටි බැවින් ඒ ගැන විපරම් කොට බැලීමේදී දරුවා ළිදේ පාවෙමින් සිටිනු දැක ඇත.
ඔහුව වහාම ලිදෙන් ගොඩ ගෙන යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කොට තිබේ.
වඩුක්කෝඩෙයි පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.