යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලි දෙකක ගැටුමකින් ”කැමී” කල්ලියේ නායකයා මරුට

යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලි දෙකක ගැටුමකින් පලමු වරට එක් කණ්ඩායමක නායකයෙකු අද (4) සවස  මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ ක්‍රියාත්මක  ”කැමී” කල්ලියේ නායකයා වන  අජිත් නැමැත්තා බවට පොලීසිය හදුණාගෙන තිබේ.

යාපනයේ කල්වියන්කාඩු  වායිකාල් ප්‍රදේශයේ පිහිටි ගණ දෙවි  කෝවිල අසලදී  අජිත් නැමැත්තාට කඩු ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා පලා ගොස් තිබේ.

යාපනයේ ක්‍රියාත්ම වූ ”ආවා කල්ලියේ” මුලින්ම කටයුතු කළ විසි හය හැවිරිදි අජිත් නැමැත්තා පසුගිය වසරේ මුල් කාලයේදී ” කැමී” යනුවෙන් නව කණ්ඩායමක් බිහි කොට එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කොට තිබේ.

මේ නිසා මොහුගේ ”කැමී” කල්ලියට ප්‍රතිවිරුද්ධ කල්ලියක සාමාජිකයෙකුව විසින් මොහුව කපා කොටා මරා දමන්නට ඇතැයි  කෝපායී පොලීසිය විශ්වාස කරයි.

යාපනයේ ක්‍රියාත්මක මේ  කඩු කල්ලි අතර ඇතිවූ ගැටුමකින් කල්ලි සාමාජිකයෙකු මිය ගිය පලමු අවස්ථාව මෙය වෙයි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත පරීක්ෂණ කටයුතු සදහා බාර දී තිබේ.

මේ සිද්ධිය පිළිබදව පොලීසියට තොරතුරු දැන ගැනීමට ලැබීමෙන් පසුව අදාල ස්ථානය වෙත පොලීසිය යන විටත් අජිත් නැමැත්තා ලේ විලක් මැද මියගොස් සිටි බව පොලීසිය ප්‍රකාශ කළේය.

යාපනයේ කෝපායී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.