මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු නීතියේ රැහැනට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ ඊයේ (03) සිදුකළ ‍වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීම සඳහා නාවික හමුදාව සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (03) පාලවිය, උළුක්කපල්ලම් ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්‍ෂා කිරීමේදී මෙම සැකකරුවන් තිදෙනා (03) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක්, හෙරෝයින් මිලිග්‍රෑම් 740ක් සොයා ගැනීමට සමත් වූ අතර, වැඩිදුර සිදු කළ විමර්ශනයේදී නිවසේ තිබු යතුරු පැදියක් තුළ සඟවා තිබු තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 මිලිග්‍රෑම් 500ක් සොයා ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 30ත් අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ද කරුණු අනාවරණය කරගෙන ඇත.

සැකකරුවන්, යතුරු පැදිය සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

Leave A Reply

Your email address will not be published.