ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියට සෑම මසකම CIDයට එන්නැයි නියෝගයක්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් මහත්මියට සෑම මසකම අවසන් ඉරිදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර ඇත.

ඒ ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.