යුක්‍රේන ගුවන් යානය බිම හෙළීමට විරෝධය පා ඉරාන වැසියන් විරෝධතාවයේ

ඉරානයේ ටෙහෙරාන් නුවර රැස් වූ විරෝධතාකරුවන් සිය ගණනක් එරට රජය සහ බලධාරීන් යුක්‍රේන ගුවන් යානය අත්වැරදීමකින් බිද හෙළු බවට වසන් කළ බවට චෝදනා කරමින් ඒ සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට පවසමින් විරෝධතාවයේ නියැලෙයි.

යුක්‍රේන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පසුගියදා අනතුරට ලක් වූ අතර ඉරාන ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 176 දෙනෙකු එහිදී මරණයට පත් විය.

ඉරානයේ මිසයිල ප්‍රහාරයකින් එම යානය කඩා වැටුණු බවට අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් චෝදනා කළ ද ඊට පෙර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේපකර තිබු අතර පසුව එම යානය අත්වැරදීමකින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවට පිළිගනු ලැබීය.

ඉරානයේ විශ්වවිද්‍යාල දෙකක් ඉදිරිපිට පැවැති විරෝධතාවයන්ට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඉරාන ජනතාව දිරිගන්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.