පිලිපීනයේ “ටාල්” ගිනි කන්දෙන් ලාවා පිටවීම ඇරඹෙයි

සක්‍රීය වී තිබූ පිලිපීනයේ “ටාල්” ගිනි කන්ද අද (13) විධාරණය වු අතර ගිනි කන්දෙන් ලාවා පිටවීම ආරම්භ වී ඇති බව එරට බලධාරීන් පවසයි.

මේ හේතුවෙන් ඉදිරි පැය කිහිපයේදී හෝ දින කිහිපයේදී අනතුරුදායක පිපිරීමක් සිදුවනු ඇති බවටයි ඔවුන් දැනුම් දී ඇත්තේ.

පිලිපීනයේ මැනිලා අගනුවරට කිලෝමීටර් 70 ක් දකුණු දෙසින් වූ බාටාන්ග් ප්‍රාන්තයේ එම ගිනි කන්ද පිහිටා තිබෙනවා.

පිලිපීනයේ “ටාල්” ගිනි කන්ද ලොව පිහිටි කුඩාම ගිනි කදුවලින් එකක්.

ගිනි කන්ද අවට සිටින පුද්ගලයින් 8000 ක පමණ පිරිසක් දැනටමත් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇත.

එමෙන්ම එහි ව්‍යාපාරික ස්ථාන සහ පාසල් මේ වනවිටත් වසා දමා තිබේ.

මෙම ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් වාර 286 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave A Reply

Your email address will not be published.