පාසල් දැරියක් දූෂණය කිරීමට තැත් කළ පාසල් ගුරුවරයාට ඇප

වවුනියාව සෙට්ටිකුලම විද්‍යාලයේ දැරියක දූෂණය කිරීමට තැත් කළ බවට සැක පිට අත්අඩංගුවට ගෙන සිටි එම පාසලේ ගුරුවරයෙකු වවුනියාව මහේස්ත්‍රාත් එම්.රියාල් මහතා විසින් ඊයේ (13) රුපියල් 50000ක ශරීර ඇප මත නිදහස් කොට තිබේ.

මේ දැරිය අදාල ගුරුවරයා විසින් දූෂණය කිරීමට තැත් කොට ඇති අතර දැරිය ඒ පිළිබදව නිවසේ උදවියට දැනුම් දීමෙන් පසුව ඇගේ දෙමව්පියන් ඒ බව සෙට්ටිකුලම පොලීසියට පැමිණිලි කොට තිබේ.

පොලීසිය එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ජනවාරී මස 8 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව 13 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කරණ ලදී.

ඒ අනුව සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට  ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුව ඇප මත නිදහස් කරණු ලැබීය.

සිද්ධිය පිළිබදව වූ නඩු විභාගය ජූනි මස 1 වෙනිදා  පැවැත්වේ.

Leave A Reply

Your email address will not be published.