කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12දෙනාට ඇප

පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්වවිද්‍යාලයේ සිසුන් දොළොස් දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කල මහේස්ත්‍රාත්වරිය සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස ද තරයේ අවවාද කළේය.

Leave A Reply

Your email address will not be published.