කේරළ ගංජා සමඟ බස් රථයට ගොඩවෙන්න ගිය මගියෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 625 ක් සමග සැකකරුවකු වවුනියාව බස් නැවතුම්පලේදී එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් ඊයේ(14) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලොන්නරුව මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි පුද්ගලයෙකි. කේරළ ගංජා පාර්සලය රැගෙන ඔහු බස් රථයකට ගොඩවීම සදහා පැමිණ ඇති අතර බස් නැවතුම් පලේ මගීන් පරීක්ෂා කරණ පොලිස් නිලධාරීන් ඔහුගේ ගමන් මල්ල සෝදීසි කල අවස්ථාවේදී එම පාර්සලය
හමු වී තිබේ.

සැකකරු සහ කේරළ ගංජා පාර්සලය වවුනියාව පොලීසියට බාර දී ඇති අතර පොලීසිය සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.