රන්ජන් රාමනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු රන්ජන් රාමනායක මිට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදී මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කළේය.

විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට මැදිහත් වීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද නියෝග කරනු ලැබුවා.

Leave A Reply

Your email address will not be published.