කාශ්මීරයේ හිම කඳු කඩා වැටීමෙන් පුද්ගලයින් 67ක් ජීවිතක්ෂයට

කාශ්මීර් ප්‍රාන්තයේ ගතවූ පැය 24ක කාලය තුලදී හිම කඳු කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 67 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පකිස්ථාන පාලන ප්‍රදේශයේ පිහිටි කාශ්මීර් ප්‍රාන්තයේ ඇතිවූ හිමකඳු කඩා වැටීමෙන් පුද්ගලයින් 57 දෙනෙක්ද ඉන්දියාවෙන් පාලනය වන කාශ්මීර උතුරු ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙක් ද ජිවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සම්බන්ධ වන මහාමාර්ගද දැඩි හිමපතනය හේතුවෙන් අවහිර වී තිබේ.

 

Leave A Reply

Your email address will not be published.