මේ වියළි කාලයේ මේ දේවල් වැඩියෙන් කන්න

01. දිනපතා දවල් කෑමට (රෑ කෑමට එපා) සාරණ, නිවිති, තම්පලා, කතුරුමුරුංගා සහ ගොටුකොළ හදන්න.

දවල් කෑමත් සමඟ එය පහසුවෙන් කරන්න පුලුවන්. මිරිස් මාළුවක් සමඟ සාරන ටිකක් උයලා හරිම රසයි. ඒ වගේම කරවල බැඳුමකුත් එක්ක නිවිති පරිප්පු වෑංජනයක් හරිම රසයි. අල හොද්දක් කුකුල් මස් කරියක් සමඟ ගොටුකොළ සම්බෝලයක් හදන්න පුලුවන්. ඒ වගේම දළු කතුරුමුරුංගා සම්බෝලයක් දවසක් ඇර දවසක් දවල්ට හදන්න පුලුවන්. වියලි කාලගුණය නිසා ශරීරයේ ඇතිවන අසාමාන්‍ය ගිනියම ඔබ අඩු කරගත්තේ නැත්තම් මුත්‍රා අමාරු, මළ බද්ධය, කටේ උෂ්ණ බිබිලි, දහදිය බිබිලි මෙන්ම බඩවැල් වල ප්‍රශ්ණත් අධිත හිසරදයත් ඇතිවෙන්න පුලුවන්.ඒ වගේම තොල් සහ යටි පතුල් පැලිලා යන්නත් පුලුවන්. දැනටමත් මේ දේවල් වෙන්න පටන් අරන් ඇති. ඒ නිසා අදම සාරණ ටිකක්, නිවිති ටිකක් ගෙදර ගෙනත් හදන්න.

02. සලාදයක් හදන්න වෙලාවක් නැත්නම් අඩුම ගානේ පිපිඤ්ඤා පෙති ටිකක් කපලා ගම්මිරිස් ටිකක් ඉහලා හරි තියන්න.

ක ඉතාම වැදගත්. ඕනෑම සිංහල කෑමක් සමඟ පිපිඤ්ඤා පෙත්තක් කන්න හැමෝම ආසයි. ඒ වගේම පුලුවන් නම් පිපිඤ්ඤා සම්බෝලයක් වැඩිපුර දෙන්න. මේක දවල් කාලයේ කරන්න. ඒ වගේම තමයි පිපිඤ්ඤා අබ හොද්දත්.කරවල ටිකක් තෙල් දමා ගත්තානම් ඒ ඇතිනේ.හරිම කිරි රහට කන්න පුලුවන්.සුදු ගං පිපිඤ්ඤා වගේම උඩරට ගර්කින් කොළ පිපිඤ්ඤත් ගෙන්න. එහි හරි පුදුමාකාර සීත ගුණයක් තියෙනවා.

Related image

03. ඩෙසට් එකට කොමඩු

ඒක කොච්චර රස ඩෙසට් එකක්ද නේද? මේ වියළි කාලයේ වැඩිපුර චොකලට් දාපු ඩෙසට් කන්න එපා. ඒ වගේම ටින් කිරි දාපු ඩෙසට් වර්ගත් කන්න එපා. හැකිතරම් කොමඩු ඩෙසට් කන්න. කපාගත් කොමඩු සමඟ ස්ට්‍රෝබෙරි ජෙලි හරිම රසවත් ඩෙසට් එකක්නේ. එහෙම කන්න පුරුදු වෙන්න.

Image result for watermelon

04. පැණි බීම කෝඩියල් තහනම්…. කොමඩු, කෙසෙල්. පැන්ටලුන්, ස්ට්‍රෝබෙරි, පොඩි පිපිඤ්ඤා පෙත්තක් දාපු ස්මුති ඩ්‍රින්ක් එකක් හදාගෙන බොන්න.

 තියෙන උෂ්ණ අසනීප වැඩි කැන කෝඩියල් සහ පැණි බීම මේ දවස්වල ගෙවල් පැත්ත පළාතේ ගෙන්න එපා. ඒ මෝඩ වැඩේ කරනවානම් ළඟදීම ඔයාට මුත්‍රා අසනීපවලට ඇන්ටි බයෝටින් පෙති දෙතුන්සීයක් බොන්න වෙන බව මතක තියා ගන්න. රසවත් සීත පළතුරු ස්මුති එකක් හදාගෙන බොන්න. වැඩියෙන් කොමඩු දාන්න. ඒත් සමඟ පොඩි පිපිඤ්ඤා පෙත්තක් බිලෙන්ඩරයට දාන්නත් අමතක කරන්න එපා.

Image result for watermelon, cucumber, strawberry smoothie drink

05. මිරිස් අඩු කරන්න. ගම්මිරිස් වැඩි කරන්න

මිරිස් උෂ්ණයි. නමුත් ගම්මිරිස්  සීතයි.සීත ගුණය හොඳින් ඇති ගම්මිරිස් වැඩිපුර දාලා  මිරිස් ටිකක් අඩු කරන්න. පොල් සම්බෝලයට මාළු හොද්දට මස් කරියට ගම්මිරිස් වැඩිපුර දාලා ගම්මිරිස් රහට හදන්න. එහෙම තමයි වඩාත් රසවත් වෙන්නේ.

Image result for pepper

Leave A Reply

Your email address will not be published.