ගංජා කිලෝ 137ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ උණකන්ද නැව් ආර ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රි සිදු කල වැටලීමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 137 ග්‍රෑම් 800ක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් වැටලීම සිදු කරන අවස්ථාවේ දී මෙම සැකකරු විසින් ගංජා වියලමින් සිට ඇති අතර එම සැකකරු පොලිසියට අල්ලස් දීමට උත්සහ දරා තිබේ.

නමුත් පොලිස් නිලධාරීන් විසින් එම අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කර සැකකරු සහ ගංජා තොගය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු ඌරුහෙර,බලහරුව හම්බෙගමුව ලිපිනයේ පදිංචි වයස අවුරුදු පනහක පුද්ගලයකු බව හම්බෙගමුව පොලිසිය පැවසීය.

සැකකරු අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඉදිරි විමර්ශන හම්බෙගමුව පොලිසිය විසින් සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.