ජපාන නෞකාවෙන් හමුවු වෛරස් අසාදිතයින් ගණන 175 දක්වා ඉහළට

කොරෝනා වෛරසය නමින් හැදින්වු කෝවිඞ් 19 වෛරස අවධානම හමුවේ ජපානයේ යොකොහමා වරාය ආසන්නයේ නවතා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් හමුවූ වෛරසය ආසාධිතයන් ගණන 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මගීන් ගණන 3700 කට ආසන්න ප්‍රමාණයක් සිටින එම නෞකාවෙන් ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 39 දෙනෙකු සොයාගෙන ඇති බවයි ජපාන වාර්තාවල දැක්වෙන්නේ.

කෝවිඞ් 19 වෛරසය වැළඳීමෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1113 ක් වන අතර අසිදිතයින් සංඛ්‍යාව 43000 කට ආසන්නයි.

Leave A Reply

Your email address will not be published.