ගතවු පැය 24තුල කොරෝනා මරණ 242ක් වාර්තා වෙයි

කොවිඩ් – නයින්ටීන් වෛරසය වැළදීමෙන් පසුගිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242 කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව මෙම වෛරසය වැළඳීමෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 1360 ක්.

මියගිය සියලූදෙනා හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද 14,840 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලොව පුරා පුද්ගලයින් 60,015 ක් මෙම වෛසරයට ගොදුරුව තිබෙන බව වාර්තා වෙයි.

මේ වන විට රෝගීන් 33,693 ක් රෝහල් ගත කර ඇති අතර 1,437 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අධිකාරිය පවසයි. මේ අතර, රෝගීන් 3,441 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.

එමෙන්ම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයෙන්ද කොවිඩ් – 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තාවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.