චීන වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළට

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවු පැය 24 තුල පමණක් පුද්ගලයින් 116දෙනෙකු වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වෛරසය ආසාදනය වූ බවට පැවසෙන තවත් පුද්ගලයින් 15,000 ක්  ඊයේ දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාවද 65,191 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මාරාන්තික වෛරසය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ලෝක ජනගහනයෙන් සියයට 60 කට පමණ එය ආසාදනය වීමේ අවදානමක් පවතින බවට ද හොංහොං හි සෞඛ්‍ය ප්‍රධානී මහාචාර්ය ගේබ්‍රියල් ලියුන් අනතුරු අඟවා තිබුණා.

Leave A Reply

Your email address will not be published.