චීනයෙන් පිටත 3වන කොරෝනා මරණය ජපානයෙන් වාර්තා වෙයි -නෞකාවේ අසාදිතයින් 219 දක්වා ඉහළට

ජපානයෙන් පළමු කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වි ඇත.

ජපානයේ කනගාවා ප්‍රදේශයේ වෛරසය ආසාදිතව සිටි 80 හැවිරිදි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මේ වන විට වෛරසය අසාදිතවුවන් 219දෙනෙකු වාර්තා වෙයි.

ඒ අනුව නෞකාවෙන් පිටත ජපානයේ වෛරසය අසාදිත වුවන් 31දෙනෙකු වාර්තා වන අතර මුළු සංඛ්‍යාව 250ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Leave A Reply

Your email address will not be published.