බඳින තුවක්කුවක් පත්තු විමෙන් ගොවියෙකු බරපතල තුවාල ලබයි

මැදවච්චිය පූනෑව නාගදරණෑවේ ගොවියෙකු අද(14) උදෑසන බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

සිය කුඹුරේ සිට එන අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇත්තේ සුජීව සෝමපාල නැමති තිස් තුන් හැවිරිදි අයෙකි.

වෙඩි වැදීම නිසා ඔහුගේ පාද වලට බරපතල ලෙස හානි සිදුව තිබේ. මැදවච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Leave A Reply

Your email address will not be published.