තහනම් කොළ වර්ගයක් ඉතියෝපියාවේ සිට තැපැලෙන් ලංකාවට

ඉතියෝපියාවේ සිට මෙරටට එවන ලද කාත් නැමැති කොළ විශේෂයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් අඩංගු පාර්සල් කිහිපයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් සොයාගත් බවයි.

එම පාර්සල් ලබාගැනීම සඳහා ඇනවුම් කරන ලද පුද්ගලයින් මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ නොමැත.

මෙම කොළ විශේෂය මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අතර, තේ වලට මිශ්‍ර කර මෙය පානය සඳහා යොදා ගන්නා බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

පොලීසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව යුරෝපයට ජාවාරම් කෙරෙන බවට සැක කරන බවයි.

Leave A Reply

Your email address will not be published.