හෙරෝයින් සමඟ දෙදෙනෙක් නිට්ටඹුවේදි අත්අඩංගුවට

නිට්ටඹුව පොලිස් වසමේ මල්වත්ත හංදියේදි සහ බස් නැවතුම්පොලේදි ඊයේ(13) හෙරෝයින් සමඟ 02දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොට්ඨාස මර්ධන දුෂණ නිලධාරින් විසින්  සිදු කල වැටලීමේදි හෙරෝයින් ග්‍රෑම් 2 මිලිග්‍රැම් 300ක් සහ හෙරෝයින් ග්‍රෑම් 3 මිලිග්‍රැම් 500ක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 42 සහ 26 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(14) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

Leave A Reply

Your email address will not be published.