අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 04දෙනෙක් ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

කන්තලේ – තඹලගමුව ප්‍රදේශයේදී ඊයේ(13) අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු මෝටර් රථයක් සහ ජිව අත්බෝම්බයක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෝටර් රථය පරීක්ෂා කිරිමේදියි ජිවි අත්බෝම්බය සහ සොරකම් කල භාණ්ඩ රැසක් හමුව ඇත්තේ.

සැකකරුවන් සංවිධානාත්මක ලෙස දිවයින පුරා සොරකම් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

සැකකරුවන් අද(14) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.