රුපියල් ලක්ෂ 45ක දුම්වැටිත් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(14) අලුයම කටුනායකදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සිව් දෙනා ඩුබායි සහ අබුඩාබි සිට අද දින අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකකින් පැමිණ තිබුණි .
ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ මහනුවර , අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගෙන ඇති අතර , අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි 40 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් විසින් මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන දුම්වැටි වර්ග 4 කට අයත් , රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා , දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක් , ගමන් මලු 08 ක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

Leave A Reply

Your email address will not be published.