68 හැවිරිදි රියැදුරුගෙන් 5 හැවිරිදි පිරිමි දරුවාට බරපතළ ලිංගික අතවර

අවුරුදු 5 ක පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ රියැදුරකු කහටගස්දිගිලිය පොලිසිය මගින් පසුගියදා(12) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය – අනුරාධපුර මාර්ගයේ පදිංචි 68 වියැති රියැදුරෙකි.

මොහුගේ නිවස පිහිටා ඇත්තේත් අපයෝජනයට ලක්වූ දරුවාගේ නිවස ආසන්නයේය. පසුගිය දිනක එම දරුවාගේ නිවසේ දානමය පිංකමක් පැවැත්වෙමින් තිබෙන අතරතුර දරුවා කිසියම් අවශ්‍යතාවක් සඳහා සැකකරුගේ නිවසට ගොස් තිබේ.

ඒ මොහොතේ නිවසේ සිට ඇත්තේ සැකකරු පමණි. එහිදී සැකකරු විසින් දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර තිබේ. මේ පිළිබඳව දරුවාගේ මව කහටගස්දිගිලිය පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(උපුටා ගැනීම දිවයින)

Leave A Reply

Your email address will not be published.