මුහුදු ගිය ධීවරයෙකු දියේ ගිලි අතුරුදහන්

හලාවත ප්‍රදේශයේ ධීවරයෙකු අද(15) අලුයම2.55ට දියේ ගිලි අතුරුදන්ව ඇත.

හලාවත බංගදෙනිය ධිවර කලපුවෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන්ව ඇත්තේ 45 හැවිරිදි බංගදෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙකු බව සඳහන්.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවිමේ මෙහෙයුම් සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave A Reply

Your email address will not be published.