සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක්

සයින්දමරුද ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සායින්දමරුදු නව නගර සභාව ස්ථාපනය කිරීම 2022 වසරේ මාර්තු 20 වන දා සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

සායින්දමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද එහි දක්වා ඇති අතර, නැගෙනහිර සීමාව වන්නේ ඉන්දීය සාගරයයි.

කල්මුණේ මහ නගර සභාවේ සහ සායින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිපාලන සීමාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය අතර දේශපාලන මත ගැටුමක් ද පැවතුණා.

Leave A Reply

Your email address will not be published.