පොලිසියේ කිහිපදෙනෙකුට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත සේවයේ අවශ්‍යතාවමත අදාළ ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්. විජේසිංහ ප්‍රවර්ථන දිසාව වෙත මාරු කර යවා ඇති අතර, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජේ. ද අල්විස් එහි අධ්‍යක්ෂවරයා ලෙස ද පත් කර තිබෙනවා.

ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 3 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.