මෝටර් රථයක ගැටී කුඩා දැරියක් මරුට

වැල්ලවාය-වීරවිල මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයේ දී ඊයේ(14) සිදුවූ අනතුරකින් දැරියක් මියගොස් ඇත.

එම දැරිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ කුඩාඔය පදිංචි වෙනුරි ප්‍රාර්ථනා නැමති වයස අවුරුදු පහක දැරියක්.

මෙම අනතුරට සම්බන්ධ තණමල්විල කිතුල්කොටේ වලස්කන්ද ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියදුරු කුඩාඔය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.