බඳින තුවක්කුවක් පත්තු වී දෙදෙනෙකුට තුවාල

කිළිනොච්චියේ ධර්මපුරම් ප්‍රදේශයේ කැළෑ ප්‍රදේශයකට  ගවයන් රැගෙන ගිය සහෝදරයන් දෙදෙනෙකුට බදින තුවක්කුවක් පත්තුවීම නිසා අද (15) ඔවුන් දෙදෙනාම තුවාල ලබා තිබේ.

දඩයක්කරුවන් විසින් වන සතුන් මරාගැනීම සදහා මේ ප්‍රදේශයේ සෑම ස්ථානයකම තුවක්කු බැද තිබේ.

තුවාල කරුවන් දෙදෙනා ධර්මපුරම් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Leave A Reply

Your email address will not be published.