දකුණූ කොරියාවේ කොරෝනා වෛරසය අසාදිතයින් සංඛ්‍යාව 2000ත් ඉක්මවයි

දකුණු කොරියාවෙන් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් 2,022දෙනෙකු වාර්තා වෙයි.

ගතවු පැය 24 තුළ පමණක්  වෛරසය ආසාදනය වු පුද්ගලයන් 256 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

චීනයෙන් පිටත වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද දකුණු කොරියාවෙන්.

කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයන් 13 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.

රෝගීන් වැඩි පිරිසක් දකුණු කොරියාවේ ඩේගු ප්‍රදේශයෙන් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.