නිවසකට කඩා වැදුණු පිරිසක් කාන්තාවකට පහර දී දේපළ වලටද හානිකර පලායයි

වවුනියාව සෙට්ටිකුලම සින්නතම්පනේ ප්‍රදේශයේ නිවසකට අද(28) අලුයම කඩා වැදුණු පිරිසක් නිවසේ කාන්තාවකට පහරදී නිවසේ තිබූ හාණ්ඩ රැසකටද පහර දී ඒවා පොඩි පට්ටම් කොට තිබේ.

මේ නිවසේ මවක් හා දියණියක් පමණක් ජීවත් වී ඇති අතර මව පහරකෑමට ලක්ව තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුලත් කොට තිබේ.

දුව නිවසින් එලියට පැන කෑකෝ ගසමින් දිව යාම නිසා අසල්වාසීන් වහාම ඒ ස්ථානයට පැමිණීමත් සමඟ නිවසට පහරදීමට පැමිණි පිරිස පලාගොස් තිබේ.

මේ පහර දීමට හේතුව හෝ පහර දුන් පිරිස පිළිබදව තොරතුරු මේ දක්වා හෙලි වී නොමැත. වවුනියාව සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

 

 

Leave A Reply

Your email address will not be published.