කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට

කිළිනොච්චිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කල කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව ඒ මහතා පැවසීය.

ඔහු වට්ටකච්චි සිවිල් ආරක්ෂක මුලස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලැබ නික්ම යන මොහොතේදී දෙමළ ජනතාව විශාල පිරිසක් ඔහුව මාරු නොකරණ ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර බොහෝ පිරිස් කිළිනොච්චියෙන් ඔහුට සමු දෙන ලද්දේ හැඩූ කදුලෙනි.

රත්නප්‍රිය බන්ධු මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග බව නිවේදනය කලේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදීය.

Leave A Reply

Your email address will not be published.