ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රවීණයන්ගේ තරගයේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සහ ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ඉන්දීය ප්‍රවීණයන් සමත් වූවා.

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ පිල පන්දුවාර 20 දී කඩුලු 8 ක් දැවී ලකුණූ 138 ක් ලබා ගත්තා.

ඉන්දීය ප්‍රවීණයින්ගේ පිල පන්දුවාර 18 යි පන්දු 4 කදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා ගියා.

මෙම තරගමාලාවේ දකුණූ අප්‍රිකා ප්‍රවීණයින්ගේ පිල හා ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ පිල අතර තරගය අනිද්දා මුම්බායි හිදි පැවැත්වීමට නියමිතයි.

පන්දු යැවීමේදී චමින්ද වාස් ලකුණු 5කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

Leave A Reply

Your email address will not be published.