ඉතාලියේ ගතවු පැය 24 තුල කොරෝනා මරණ 627ක් දක්වා ඉහළට _ ලොවපුරා මරණ 11385ක්

ඉතාලියේ ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තාවී ඇත. එක් දිනක්  තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව මෙය වීම විශේෂත්වයක්.

ඒ අනුව මේ වන විට ඉතාලියෙන් වාර්තා වී ඇති මරණ  සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉතාලියේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47021 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොවපුරා මරණ 11,385ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.