වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි

 

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව චීන කාන්තාව ද ඇතුලූව මේ වනවිට මෙරටින් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 03 ක්. තවමත්  කොරෝනා වෛරස ආසාදිතයින් 99 දෙනෙකු රෝහල් 3 ක ප්‍රතිකාර ලබයි.

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 102 ක් වනවා. සැක කෙරෙන රෝගීන් 255 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

Leave A Reply

Your email address will not be published.