දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

කොවිඩ් _19 වෙරසය හේතුවෙන් එක් දිනක් තුළ මරණ 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ පළමු රට බවට අමෙරිකාව පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2108ක් බවයි.

ඒ අනුව මේ වන විට අමෙරිකාවෙන් මරණ 18,747ක් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදිතයින්  සංඛ්‍යාව 502 876 ක් බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අමෙරිකාව තුළ මේ වන විට සුවය ලැබූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27,314ක් බව සඳහන්.

 

Leave A Reply

Your email address will not be published.