අමෙරිකානු ආර්ථිකය යළි විවෘත කිරීමේ මාර්ගෝපදේශන මාලාව ට්‍රම්ප් ඉදිරිපත් කරයි

කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු ඇමරිකාවේ ආර්ථික ක්‍රියාකාරකම් යළි ආරම්භ කිරීම පිළිබදව මාර්ගෝපදේශ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රාන්ත  ආණ්ඩුකාරවරුන් වෙත ඊයේ(16) දැනුම් දී තිබෙනවා.

ඇමරිකාව යළි විවෘත කිරීම සඳහා වූ එම මාර්ගෝපදේශ යටතේ නිරෝධායන සීමාවන් ලිහිල් කිරීමට ආණ්ඩුකාරවරුන්ට හැකි වනු ඇති.

ජනපති ට්‍රම්ප් සඳහන් කළේ අවදානම් තත්ත්වය අවම ඇතැම් ප්‍රාන්ත මැයි 1 වන දාට පෙරම විවෘත කළ හැකි වනු ඇති බවයි.
සිය සැලසුම් ප්රකාශයට පත් කරමින් ජනපති ට්රම්ප් කියා සිටියේ කොරෝනා වෛරසයට එරෙහි ඇමරිකාවේ මීළඟ යුද්ධය ආර්ථිකය යළි විවෘත කිරීම බවයි.
රට වසා දැමීම දීර්ඝ කාලීන තිරසාර විසදුමක් නොවන බවයි ජනපති  පෙන්වා ට්‍රම්ප් දුන්නේ.

එමෙන්ම, කොරෝනා වෛරස වසංගතයත් සමඟ මාර්තු මාසය මැද භාගය වනවිට ඇමරිකාවේ මිලියන 20 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.