ගංජා කිලෝ 49ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 අප්‍රේල් 23 වන දින තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශයන්හි සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් දේශිය ගංජා කිලෝග්‍රෑම් 49කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන තිබේ.

උස්සැල්ල ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී දේශීය ගංජා කිලෝ 07කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර  පසුව ඔහුගෙන් ලද තොරතුරකට අනුව කුඩාවැව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 42ට අධික ප්‍රමාණයක් සමඟ තවත් පුද්ගලයෙකු සොයා ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් කුඩා ඔය ප්‍රදේශයේ පදංචිකරුවන් බවට හදුනා ගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ දේශිය ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොස්ලන්ද පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

 

 

Leave A Reply

Your email address will not be published.