මෙරට කොරෝනා වෛරස ආසාධිතයින් 52ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාධිත බවට හදුනාගත් සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යායතනය පවසනවා. මේ වන විට රෝහල් ගත කර අධික්ෂණයේ පසුවන මුළු රෝගීන් සංඛ්‍යාව 243ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. ඊයේ (18) දිනයේදී…

ශ්‍රී ලංකාව සහ චීනය ඇ.ඩො. මිලියන 500ක මූල්‍ය පහසුකම් සහිත ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇ.ඩො. මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුම (18) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී අරලිය ගහ මැදුරේදී අත්සන් තැබිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්…

ළිඳට වැටී තරුණියක් මරුට

යාපනයේ නල්ලූර් අඩි චෙම්මනි වීදියේ තරුණියක් ඊයේ (18) සවස ළිදකට වැටී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ  මධුරකුමාර් කස්තුරි නැමති විසිපස් හැවිරිදි  තරුණියකි. ඇය සිය ගෙවත්තේ පිහිටි ළිදෙන් වතුර ඇදීමට ගිය අවස්ථාවේදී පය ලිස්සා ලිදට වැටීම නිසා…

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 19 දක්වා

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 19 දක්වා සිසුන්ට පහසුකම් සලසන්න විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දෙයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන්…

කුඩා ලොරියක යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදිකරුට බරපතළ තුවාල

කිළිනොච්චියේ පරන්තන් ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රී කුඩා ලොරියක යතුරු පැදියක් ගැටිම නිසා යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. කුඩා ලොරියේ ඉදිරිපස ආලෝක ලාම්පු අවපාත නොකිරීම නිසා යතුරුපැදි කරු අපහසුතාවයට පත්ව ඔහුගේ…

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙනි.

නාමයෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12න් අවසන්

2020 මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (19) මධ්‍යහ්න 12 න් අවසන් වනවා. විරෝධතා ඉදිරිපත් කිරිමට දහවල් 12.00සිට පස්වරු 01.30 දක්වා පැයක කාලය තුළ අවස්ථාව ලබාදී ඇත. අද දිනයේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම පාහේ නාමයෝජනා භාරදීමට නියමිතයි.…

කටුනායක ගුවන් තොටුපළ වසා දැමේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සදහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව අද (19) අලුයම 3.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී…

පුත්තලම ,හලාවත සහ මීගමුව යන පොලිස් බලප්‍රදේශවලට පැනවූ පොලිස් ඇදිරි නීතිය පෙ.ව.8.00 තාවකාලිකව ඉවත්…

පුත්තලම ,හලාවත සහ මීගමුව යන පොලිස් බලප්‍රදේශවලට 18 දින ප.ව 4.30 සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය 19 දින පෙ.ව.8.00 සිට ඉවත් කර ප,ව.2.00ට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.