ව්‍යාපාරික ඥානය ඇත්නම් සමාජයේ උසස්ම තත්ත්වයකට- පොළි රහිත ණය පහසුකම්

සෑම වර්ෂයකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂ දෙකාහමාරක් පමණ අපොස උසස් පෙළ විභාගයට මුහණ දුන්නද විශ්වවිද්‍යාල වරම් ලබන්නේ  25000ක් පමණක් විම ගැටලුකාරි තත්ත්වයක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (02)මාතර. පැවති උත්සවයක් අමතමින් මේ බව පැවසීය.

ආර්ථික හැකියාවක් පවතින දෙමාපියන් තම දරුවන් විදෙස් රටකට හො මෙරට පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට යොමු කර උසස් අධ්‍යාපනය ලබා දුන්නද විවිධ කුසලතා ඇති විශාල පිරිසක් උපෙක්ෂා භංගත්වයෙන් යුතුව සිටින බව ද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

උපාධියක් නොමැති වුවවත් නව නිපැයුම් , නිර්මාණශිලි අදහස් , ව්‍යවසායකත්ව ගුණය  සහ ව්‍යාපාරික ඥානය ඇත්නම් එම පුද්ගලයාට වත්මන් සමාජයේ උසස්ම තත්ත්වයකට පැමිනිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුණි.

එම නිසා මෙම මානව සම්පත රැක ගැනිම සඳහා රජය මගින් එන්ටප්‍රායිස් ශ්‍රී ලංකා නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එමගින් හැකියාව මත පොළි රහිත ණය පහසුකම් ලබා දිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම මස 15 වනදා සිට බැංකු හරහා මෙම පහසුකම සලසා දෙන අතර පොළි ගෙවිම් කටයුතු රජය මගින් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *