මුදල් නෝට්ටු වලින් සෑදු අරුම පුදුම පහන් කූඩුව

මුදල් නෝට්ටූ භාවිතා කරමින් නිර්මාණය කරන ලද පොසොන් පහන් කූඩූවක් පිළිබදව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉවත දමන රු. 100 සිට 5000 දක්‌වා නෝට්‌ටු කුඩු කර එම කැබැලි යොදා ගනිමින් මෙම නිර්මාණය සිදු කර තිබේ.

“දුමින්දාගමනය” නිරූපණය කරන මෙම පොසොන් පහන් කූඩුව පාදුක්‌ක මොරගහතැන්න ශ්‍රී මහා විහාර භූමියේදී දක්‌වා ප්‍රදර්ශනය කෙරේ. මෙය පරිවාර කූඩු 81 කින් සමන්විත ය. මෙවැනි පහන් කූඩුවක් නිර්මාණය වන්නේ ප්‍රථම වරටය.

විහාරාධිපති බේරන්නෑවේ විමල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්‌ථ බෞද්ධ සංගමය මෙම පහන් කූඩුවේ නිර්මාණ කටයුතු ජනවාරි මාසයේ සිට ආරම්භ කළ අතර 100 දෙනකුට අධික සංඛ්‍යාවක්‌ දිවා රෑ නොබලා නිර්මාණ කටයුතුවල නිරත වී තිබේ. අදින් අවසන් වන මෙම දර්ශනීය පහන් කූඩුව නැරඹීම සඳහා මේ වනවිට ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ පැමිණ ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *