හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 5ක් පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ සාමාජිකයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මව, පියා, දියණිය, පුත්‍රයා සහ දියණියගේ පෙම්වතායි.

ඔවුන් වීර මාවතේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වීර මාවතේ නිවස ඔවුන් මසකට රුපියල් විසි අට දහසක මුදලකට කුලියට ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල බර ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *