කැබ් රථයක් වේල්ලක ගැටී පුද්ගලයෙකු මරුට

මහියංගණය හුන්නස්ගිරිය මාර්ගයේ එනමල්පොත ප්‍රදේශයේදී එළවලු ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් කැබ් රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා උඩුදුම්බර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි තුසිත බණ්ඩාර වේ.

මේ සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *