ට‍්‍රම්ප් උතුරු කොරියානු නායකයාගෙන් ලැබුණු ලිපියක් ප්‍රසිද්ධ කරයි

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සහ  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර සිදුවූ ඓතිහාසික හමුවට පෙර උතුරු කොරියානු නායකයා තමන් වෙත යොමු කළ ලිපිය ජනාධිපති ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධ කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ජනාධිපති ට‍්‍රම්ප් සිට ටුවිටර් ගිණුම හරහා එම ලිපිය ප‍්‍රසිද්ධියට පත් කර ඇති බවයි. කොරියානු භාෂාවෙන් යොමු කර ඇති මුල් ලිපිය සහ එහි ඉංගී‍්‍රසි පරිවර්ථනය එලෙස ප‍්‍රසිද්ධ කර තිබේ.

නායකයන් දෙපළගේ හමුව වෙනුවෙන් ජනාධිපති ට‍්‍රම්ප් කළ කැපවීම අගය කරන බව දන්වමින් උතුරු කොරියානු නායකයා අදාළ ලිපිය යොමු කර තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *