මොරගහකන්ද වේල්ලේ කළුගලින් නිමකළ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව ජනපති අතින් නිරාවරණය කෙරේ

මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිම කර තිඛෙන අඩි 27 ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම අද (23) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළ ජනාධිපතිතුමා ඒ සදහා ප්‍රථම මල් පූජාව ද සිදු කළේය.

බුද්ධ ප්‍රතිමාවේ භාරකාරිත්වය පූජ්‍ය අලියාවලේ විපුලසාර හිමිපාණන් වහන්සේ වෙත භාරකිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *