සෝමවංශගේ පක්ෂය පොහොට්ටුවට එක්වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පිහිටවූ ජනතා සේවක පක්ෂය ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව මැතිවරණ සදහා ඉදිරිපත් වීමට පියවර ගෙන ඇති බව සදහන් වෙයි.
අද (18) මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාල පක්ෂයත් සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව නිවේදනය කර ඇත.
පසුගියදා පොදුජන පෙරමුණු සභාපති ජි.එල් පිරිස් හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක්ව මේ සම්බන්ධයෙන් අදාල පක්ෂය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර මේ තුලින් මෙම එකගතාවයට පැමිණ ඇති බව සදහන් වෙයි.
2015 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සභාපති සෝමවංශ අමරසිංහ පක්ෂයෙන් ඉවත්ව ගොස් “ජනතා සේවක පක්ෂය” ගොඩනැගූ නමුත් ඔහු පසුගිය වසරේ ජිවිතක්ෂයට පත්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *