ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය අසාධාරණයි

ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගත් තීරණය අසාධාරණ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ ලේකම් ඩි. ජේ. රාජකරුණා සඳහන් කළේ මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් වැඩි කිරීම පිළිබදව ඉදිරියේදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය පියවීමට විසදුම් ලබා නොදී  මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රායෝගික නොවන බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *