වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහළ මත නැගී සිටිමින් මේ වන විට විරෝධතාවක නිරත වේ.

අද පෙරවරු 8 ට පමණ ඔවුන් මෙලෙස විරෝධතාව ආරම්භ කර ඇති අතර විරෝධතාවට කාන්තා රැඳවියන් 10 දෙනෙකු පමණ එක්වී සිටියි.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ 11 වැනිදා නොසන්සුන්තාවක් ද හට ගෙන තිබූ අතර ඒ, රැඳවියන්ට පිටතින් රැගෙන එන ආහාර සීමා කිරීම හේතුවෙන්.

මේ හේතුවෙන්  පිටතින් ආහාර ලබා ගන්නා කාන්තා රැඳවියන්ට ලබා ගත හැකි වන්නේ එක් අයෙකුට සරිලන ආහාර පමණක් බව කාන්තා රැඳවියන්ට දන්වා තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් කාන්තා රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබුණා.

එහිදී පිරිස පාලනය කර සිර මැදිරිවලට යොමු කිරීම සඳහා වැලිකඩ පිරිමි බන්ධනාගාරයේ නිලධාරීන්ද පැමිණ තිබුණා. අද පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කළ කාන්තා රැඳවියන් සියලු දෙනාම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අය බවත් ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වන්නේ අදාළ නඩු කටයුතු කඩිනම් කරන ලෙස බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *