අදත්, හෙටත් තවත් වැසි

දිවයිනට බලපාන වැසි තත්වය අද (25) හා හෙට (26) යන දින දෙක තුලද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද (25) එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයට අනුව දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් අද දිනයේදී ඌව හා වයඹ පළාත්වලත්, හම්බන්තොට, අම්පාර, මාතලේ, අනුරාධපුර හා මන්නාරම යන දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කල හැකි බව  සදහන් වෙයි.

තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් ඇතැම් ප්‍රදේශවල (විශේෂයෙන් සබරගමුව හා දකුණු පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ) තරමක තද වැසි (මි.මි. 50- 75ක පමණ) ඇති විය හැක.
අදාල නිවේදනයට අනුව වයඹ පළාත තුලත්, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *