ජනපති විද්‍යා දැරියගේ නිවසට යයි

වව්නියාව ප‍්‍රදේශයේ පැවති “නිල මෙහෙවර ජංගම සේවා වැඩසටහන” අවසන් වීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනයට ලක්වූ ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඥාතින් හමුවීමට දැරියගේ නිවසට ගොස් ඇත.
ඊයේ (21) පස්වරුවේ ජනාධිපතිවරයා එහි ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කළේය.

එහිදී දැරියගේ පවුලේ සුව දුක් විමසීමෙන් අනතුරුව විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලූ උපකාර ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.

එහිදී විද්‍යා දැරියගේ ඝාතනයට අදාල නීතිමය කටයුතු කඩිනම් කරමින් සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිවරයා දැක්වු සහය පිළිබදව දැරියගේ මව ජනාධිපතිවරයා වෙත සිය ස්තුතිය පුදකර ඇත.
ජනාධිපතිවරයා ඊයේ (21) වව්නියාව දිස්ත්‍රික්කයේ “නිල මෙහෙවර වැඩසටහන” සදහා එක්වූ අතර එයට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.කේ.මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ හා පොලිස්පති පූජිත ජයසුන්දර යන පිරිස එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *